News උණුසුම් පුවත්

ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම්ජයන්ත් මාධ්‍යට පැවසූ දේ

තමාට ‘එදා ගත් ස්විප් එක’ ඇදුනු බව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව හෙට සිට නැවතත් වෘත්තීය කටයුතු ආරම්භ කරන බවද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියා.

අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එතුමාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ඒ මහතා,

” මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දේවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තු ආපු ගමන්, ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරල තියෙනවා. මට වෘත්තියක් තියෙනවනේ. හෙට ඉදලා එහේ යනවා. උසාවියට.”