‘මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් සපයා ගැනීම පිළිබඳ වගකීම දරාගෙන තමයි මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලේට ඉදිරිපත් කළේ. ඒ අනුව අලුතින් මුදල් අච්චු ගැසීමකින් තොරව, සම්මත වූ අයවැය යෝජනා තුළින්ම ඒ අවශ්‍ය ප්‍රතිපාදන කළමනාකරණය කරගන්න මුදල් අමාත්‍යාංශය නිශ්චිත වශයෙන් ක්‍රියා කරන බවට තීරණය කරලා තියෙනවා. මගේ දැනීමේ සහ විශ්වාසයේ හැටියට ඒක කරන්න බැරි නෑ. මොකද දැන් අපි අයවැය යෝජනාවල වෙන් කරලා තිබුණා සහනාධාර ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය යටතේ රුපියල් බිලියන 15ක්.
ඒ සඳහා හැම ග්‍රාමසේවා වසමටම සාප්පුවක් (Home Shop) හදන්න තව බිලියන 15ක්. ඒ ආදී වශයෙන් එක එක අමාත්‍යාංශවලට අයවැය යටතේ වෙන් කරලා තිබුණු මුදල් ජාතික ප්‍රමුඛතා අනුව අත්‍යවශ්‍ය වෙනත් දේවල්වලට යොමු කරන්න මුදල් අමාත්‍යාංශයට පුළුවන්. ඒ කියන්නේ මෙතැනදි සිදුවෙන්නේ මුදල් අච්චු නොගහා තියෙන මුදල් ප්‍රමාණය කළමනාකරණය කරගැනීමක්.
එතැනදි යම් යම් බලපෑම් එන්න පුළුවන්. ඒ හැමදෙයක් ගැනම ඉතා හොඳින් අවධානය යොමු කරල තමයි මේ අවස්ථාවේ ඇතිවෙලා තියෙන උද්ධමනයට ඔරොත්තු දීමේ ශක්තිය ලබාදෙන්න මේ ක්‍රියා කරන්නේ. මොකද මේක කාටවත් ආණ්ඩු වෙනසකින් හෝ දේශපාලනඥයකුට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.
දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසිවක් ලැබෙන්නේ නැද්ද කියලා. නෑ, සෘජුවම ලැබෙනවා. මොකද ඔවුනුත් දුෂ්කර තැනකට පත්වෙලා තියෙන්නේ. ඒ අයගේ ව්‍යාපාර කඩන් වැටිලා, ව්‍යාපාර නැවතිලා, .ණය වාරික ගෙවාගන්න බැරුව වගේ. ඒ අයත් විශාල අර්බුදයක ඉන්නේ. ඉතින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගෙන් මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් දැම්මා. එතැනදි අපි කිව්වා හාම්පුතුන්ගේ සම්මේලන එක්ක සාකච්ඡා කරලා හොඳ තීරණයකට එන්න කියලා.’
Add Comment