ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.
මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමේ ආදීනව ඇමැති බැසිල් කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.
රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
Add Comment