News ආර්ථික

‘ඩො.මි.500 ක විදෙස් ණය ගෙවන්න සූදානම්’ ඇමති බැසිල්

මෙම මාසයේ දී ගෙවීමට නියමිත අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ 2022 ජනවාරි 18 වැනි දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක අන්තර්ජාතික බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ප්‍රමාණය මහ බැංකුව විසින් මේ වන විට වෙන්කොට ඇති බවයි.පසුගිය 3 වැනිදා පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දෙසැම්බර් 2 වැනිදා රැස්වී ඉදිරියේ දී ශ්‍රී ලංකාව ගෙවිය යුතුව ඇති ස්වෛරී බැඳුම්කර කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීමට පවතින හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද මුදල් ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය. මුදල් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් හෙළිකළ ආකාරයට ශ්‍රී ලංකාව මෙම වසරේ දී (2022) ස්වෛරී බැඳුම්කර ද ඇතුළුව ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9කි.