News

අවුලට මුල තෙල් තියෙන දින ගනන් කීමට යාමයි

මේ වන විට ගෙන්වා වරායේ නැංගුරම් ලා තිබෙන නෞකාවලින් තෙල් ගොඩබෑමට පමණක් තිබියදී තෙල් තියෙන්නේ තව දින මෙපමණයි කියමින් දින පැවසීම ජනතාව කලබලයට පත් කරන්නට හේතු වූ බවත් මේ දිනවලත් එල්ල අර්බුද ගැන කතා කළත් කළත් මවාගත් තත්ත්වයක් විනා එවැනි තෙල් අර්බුදයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රමාත්‍යවරයා ඒ බැව් පැවසූයේ මිලියන එකසිය 33ක වියදමකින් ඉදිකළ නාරම්මල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය සහිත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකට එක්වෙමිනි.