හම්බන්තොට මිරිජ්ජවිල මාගම්පුර ලංකා කර්මාන්තපුරයේ ඉදිකෙරුණු මේ රට මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන ලංවා සංස්ථා සිමෙන්ති corporation ආයතනයේ නිෂ්පාදන කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) වැනිදා ආරම්භ කෙරිණි.
ජනාධිපතිවරයා නව සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් පසුව එම කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 100 100 ක ආයෝජන යටතේ මෙම කර්මාන්ත කර්මාන්තශාලාවේ ඉදිකිරීම් ආරම්භ වූයේ පසුගිය 2020 වසරේ මාර්තු මාසය දිය.
අක්කා 63 ක භූමි භාගයක ඉදි කෙරුණු අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව දකුණු ආසියානු කලාපය විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක්වන්න ජනාධිපති කාර්යාලයේ පවසයි. කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන මිලියන 4කි. මෙහි පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක් දේශීය වෙළෙඳපළට සැපයෙන බව එහි කළමනාකාරීත්වය පවසයි.
ඉහළ කාර්යක්ෂමතාව අපතේ යාම සහ පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් වරාය සහ කර්මාන්ත ශාලාව අතර ඒ ප්‍රවාහනය සඳහා ආවරණය කළ කන්වෙයාර් බෙල්ට් යොදා ඇති අතර පූර්ණ ස්වයංක්‍රීය ස්කැටර් රික්ලේමර් යාර්ඩ් සහ බ්‍රිජ් ටයි ශිප් අන්ලෝඩර් ද්විත්වයක්ද කර්මාන්තශාලාව සතුය.
Add Comment