News

ඩීසල් හිඟයෙන් බාධා ආවත් පෞද්ගලික බස් 5000 පමණ දිවෙව්වා

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට ඊයේ (07) දිනයේත් බාධා එල්ල වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. කෝ ළඟම ඉන්ධන පිරවුම්හල්වල ද ඉන්ධන නොතිබූ බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

කොළඹින් පිට පලාත් වල ඉන්ධන හිඟය වැඩි වශයෙන් තිබූ බවත් ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගමන්වාර අඩු කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ පමණ බස් රථ ධාවනයට පියවර ගත් බවත් ඔහු කීවේය.

මගී ජනතාවගේ යම්කිසි අඩුවක් ඊයේ දක්නට ලැබුණු බව ද බවද විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.