News

මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟවී මන්ත්‍රීවරු යකානටලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්ත්වයක් ද ඊයේ (08) පෙරවරුවේ ඇතිවිය. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ උසස් නිලධාරියෙකුගේ න් කළ විමසුමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයා දී නැති බවයි.

මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද ඔවුන් දියර කිරි අවශ්‍ය තරම් ලබාදී නැති බව ද එම ප්‍රධානියා සඳහන් කළේය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ග වල ද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ගැටලු නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතු ද යම් ආකාරයකින් අඩාල වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.