News

රාජපක්ෂ පිළිලය තියාගෙන බුදුන් වැඩියත් රටහදන්න බෑ – නලින් බණ්ඩාර

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සාටක පින්තූරය තිබෙනතුරු රටට ගොඩ යාමක් නොමැතිබව කී නලීන් බණ්ඩාර මහතා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි බරපතල හානියක් රටට සිදු කරනු ඇතැයිද සදහන් කලේය. හොද මිනිසුන් ටික එකතු කර ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවානම් අද මිනිස්සු පෝලිම්වල නොසිටිනු ඇතැයි කී නලින් බණ්ඩාර මහතා අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයිද කීවේය. එසේ කර යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනයසහ ආයෝජනය එනු ඇතැයිද සටහන් කලේය.