News

බැසිල්ට මන්ත්‍රීධූරය අහිමි වෙයිද? වෙන්න යන දේ මෙන්න

21 වැනි සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන්නේ මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති එක් අවස්ථාව අහිමි වන බවයි.

ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන්ව අධිකරණ නියෝගයක් අනුව ඉවත් කළ හැකි බවද ඔහු සඳහන් කරනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකානු ඇමරිකානු පුරවැසිභාවය ද හිමි හිමි ද්විත්ව පුරවැසියෙක් වන අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඔහුට සිය මන්ත්‍රී ධුරය අහිමි වනු ඇත.