News

රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කරන්න – නාමල් රාජපක්ෂ

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම, වෙඩි තැබීම්, මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද කිසි දෙයක් නොදැන මේවා පිටුපස රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයිද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ඉල්ලීමක් කලේය.

ඊයෙ පොලිසියට ගහපු විදිහ අපි දුටුවා. කොළඹ දිස්ත්‍රික්කය භාර ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා. ඒ වගේ අයට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් ගෙවල්වලට ගිනි තැබූ අයට නීතියෙන් සාධාරණයක් වන්නේ නැතිනම් රටේ සාමය බිද වැටෙනවා යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බාර වෙන්න කියූ හැම කෙනෙකුම පොලිසිවලට බාර වී ඇති අතර නීතිය කඩන්න කිසිම චේතනාවක් නැතැයි කී නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගන්නවා හා සමානව ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණු අනෙක් පාර්ශවයේ අය අත් අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් කලේය.