News

හරීන්ගේ මනූෂගේ ස.ජ.බ. සාමාජිකත්වය අත් හිටුවයි

සර්ව පාක්ෂික රජයේ අමාත්‍ය ධුර ගත් සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා අත්හිටවූ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව මත ධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රී වරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවද මහ ලේකම්වරයා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂය මගින් විනය ක්‍රියාමාර්ගයක් පැවැත්වීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය පාවා දීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව ඔහු කීවේය.