News

ජනතා ගැටළුවලට උත්තර නැත්නම් සටන අත් හරින්නෙ නෑ – විජිත හේරත්

මොන ඇමතිවරු පත්කළත් මොන මාලිගා කුමන්ත්‍රණ කලත් ඇමතිවරු අලුතින් දිවුරුම් දුන්නට ප්‍රශ්නෙට උත්තරයක් නැතිනම් ජනතාව සටන නවත්තන්නෙ නැතැයි ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී (20) පැවසීය.

මොනවා කිව්වත් ජනතාවගේ ඇත්ත කැකෑරෙන ප්‍රශ්නය එහෙමම බව කී හේරත් මහතා රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට පසු ජාත්‍යන්තර සහයෝගය තියෙනවා යැයි විවිධ බොරු මතභේද රවට්ටන්න හදන බවත් ඔච්චර ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණා නම් ඒ කාලේ රට හදන්න තිබුණ බවත් කීය.

බොරු ආටෝප සාටෝප වලින් දැවෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නොහැකි යැයි ද යැයිද රනිල් කරන එකක් එකත් වැරදියි මට වැරදුනා යැයි ද යැයි තව මාස දෙක තුනකින් නන්දසේන ගෝඨාභය කියනු ඇතැයි ද එවැනි පිස්සු විකාර තැනට රට පත් වී තිබෙන බවද විජිත හේරත් මහතා පැවසීය.