නිධානයකින් ගත් බවට සැකකෙරෙන පෞරාණික වටිනාකමක් ඇති දඹ රත්‍රං යැයි පැවසෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු මොරගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීහු පිරිසක් මොරගොඩ, මෙගොඩවැව, නිවසක් පරික්ෂා කිරීමේදී මෙම පිළිමය සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත් බව වව්නියාව විශේෂ කාර්ය බළකාර කියයි.
අදාල පිළිමය දඹරන් පිළිමයක් සැකපලකරන බවටත් මෙය නිධානයකින් ගන්නට ඇති බවට සැකසහිත බවටත් සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත බාර දීමට පියවර ගත් බවටද වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.
Add Comment