දුර්ලභ ඡායාරුප

ටවුන්හෝල් තෙල් හලේ මාරකය ‘අනූනවයෙන්’ බේරෙයි (photos)

කොළඹ පුරහල අසල ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනීමට පෝලිමේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක ඉදිරිපස වීදුරුව මතට ඒ අසල තනමින් ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරික ගොඩනැඟිල්ලක දිගැති යකඩ බටයක් වැටී ඇති අතර එහිදී රියැදුරු අසුනේ සිටි රියැදුරුගේ ජීවිතය අනූනවයෙන් බේරී තිබේ.ඊයේ (09 දා) උදෑසන මෙම සිදුවීම සිදුවී තිබේ. මෙම යකඩ බටය වැටී එහි ඉදිරිපස ඝනකම් සහිත වීදුරුව පසාරු කරගෙන සුක්කානම අතරින් රියැදුරුගේ දෙපා අතරින් වැටී තිබේ.මෙම දිනවල ඉන්ධන ලබාගැනීමට මෙම ස්ථානයේ වාහන පෝලිම් නිරතුරුව දක්නට ලැබේ. එම ස්ථානයේ ජනතාව නිරතුරුව පාගමනින්ද ගමන් කරති.