දැනට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු දැනට ඔහු රැඳී සිටින හෝටලයෙන් පිටතට නොයන්නැයි තායිලන්ත පොලිසිය විසින් උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපතිවරයා නැවතී සිටින හෝටලය තුළ තායිලන්ත පොලීසිය සිවිල් ඇඳුමින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවද සදහන්ය.
ඔහු රැඳී සිටින හෝටලය ගැන තොරතුරු මාධ්‍ය වෙත හෙළි කර නැති බව ද තායිලන්ත පුවත් සේවා වාර්තා කරයි.
ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවර බලා ගමන් කරන ලදී.
Add Comment