අද වන විට බොහෝ රෝහල් තුළ ඖෂධ වර්ග ඇත්තේ ම නැති තත්ත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි එහි.
සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ඌව පළාත් මහ රෝහල වන බදුල්ල මහ රෝහලේ ඖෂධ හිගය ඉතා දැඩිව බලපා ඇති බවයි.
මෙම තත්ත්වය මත රෝගීන්ට ඖෂධ නොමැතිවීමෙන් රෝහල් ගත වීම් ඉහල ගොස් ඇති බවත් රෝහල් වල ඉඩකඩ සීමා වී ඇති බවත් වාට්ටුවල ඇඳවල් පිරී ගොස් ඇඳවල් යට ද කොරිඩෝවේ ද රෝගීන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
අවශ්‍ය පරිදි ඖෂධ සැපයුම නොලැබුනහොත් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම නවත්වා ගැනීමට නොහැකි බවත් එසේ වූ විට සිදුවන්නේ කොරෝනා සමයටත් වඩා වැඩි අභාග්‍යසම්පන්න ඉරණමකට ලංකාවේ ජනතාවට පත්වීමට ඉඩකඩ වැඩි වීම බව හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ල රෝහලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Add Comment