රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද (අගෝ. 17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 7ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ, යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම ඔහු මෙලෙස පැමිණ තිබුණි.
සාක්ෂි ලබාදීමෙන් පසු පිටව යද්දී මාධ්‍ය සමග කථාබහ කළ උදයංග වීරතුංග පවසා සිටියේ තායිලන්තයේ දැනට සිටින සිය ඥාති සොයුරු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වන බදාදා ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බවයි.මිග් යානා සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂගේ නමද ඈදී තිබුණ නමුත් ජනපති තනතුරේ මුක්තියට යටත්ව ඔහුව පසුගිය කාලයේ ප්‍රශ්න නොකිරිණී. නඩුව පසුගිය 12 වන දා කැඳවූ අවස්ථාවේ අධිකරණ නියෝග කළේ, වීරතුංග මහතාට ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය.
මෙම ගනුදෙනුව ගැන මීට ටික කාලයකට පෙර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහනින් අදහස් දැක්වූ උදයංග වීරතුංග මහතා කියා සිටියේ තමා ‘නීලකාස’ හොරෙකු බවත් එනම් චූදිතයෙකු කළ නොහැකි ලෙස සොරකම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් මිග් යානා ගනුදෙනුව ගැන තමාව හෙළිදරව්වුවහොත් ඒ සමගම හිටපු ජනපති ධූරය දැරූ තම ඥාතියාද තමා සමගම හසුවිය යුතු බවත් එය සිදුවේ යයි කල්පණා නොකරන බවත්ය.
Add Comment