උණුසුම් පුවත්

දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී Litro gas කල දේ මෙන්න

පෙරදිග ධාන්‍යාගාරය නමින් කවුරුත් ශ්‍රී ලංකාව සංකේතවත් කෙරුවත් මේ වන විට නම් ධාන්‍යාගාරයක් තියා වී ඇටයක්වත් හරිහැටි මිලට ගැනීමටවත් බැරි තරම් දරුණු ආගාධයකට තමයි ලංකාව මුහුණ දීලා තියෙන්නේ. ලෝකය පුරා බල පැවැත්වූ කොරෝනා වසංගතයත් ශ්‍රී ලාංකික දේශපාලනික අස්ථාවර වීමත් නිසාම දරුණු ආර්ථික අවපාතයකට ගොදුරු වූ ලංකාව මේ වන විට ඇත්තේ ඉතාම ඛේදජනක ඉරණමකයි. මේ නිසා හැම පැත්තෙන්ම බැට කන්නේ අහිංසක අසරණ මහ ජනතාවයි.

දවසින් දවස වැඩි වන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නිසා දරුණු ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන මහජනතාවට සහන ලබා දුන් එකම අත්‍යවශ්‍ය සේවාව Litro ගෑස් සමාගම කියන එක මේ වෙලාවෙ මතක් කරන්නම ඕනේ. මොකද ග්‍රාමීය ජනතාවටත් වඩා නාගරික ජනතාව තමයි මේ ගෑස් ප්‍රශ්නය නිසා ලොකුම ගැටලුවකට මුහුණ දෙන්නේ. කාටත් කලින් ගෑස් අර්බුදය විසඳා නිසි වේලාවට පාරිභෝගික ජනතාවට ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු කල ලිට්‍රෝ සමාගම මේ වන විට තුන් වරක් ම ගෑස් මිල පහත දැමුවා. ඒ මහජනතාවගේ සුභ සිද්ධිය තකාමයි.

ඉතින් ඔබ අප දන්නවා අද දිනයේ දී සමාජ ආරක්ෂක බද්ධ නිසා 2.5% කින් දුරකථන ගාස්තුව ඉහළට නැග්ගා. ඒ වගේම පෙර තිබූ කාල වකවානු වලටත් වඩා අඩුවෙන් ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු කර තිබියදීත් ලංකාවේ තෙල් මිල දිනෙන් දින වැඩි වෙනවා. QR ක්‍රමය සාර්ථක වුණත් තෙල් නැව් පිටින් ආවත් තෙල් සංස්ථාවට හරි හැටි තෙල් බෙදාහැරීමේ කටයුත්තවත් කර ගැනීමට නොහැකි වූයේ ඔවුන්ගේ කළමනාකාරිත්වයේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් නිසාමයි.

ඒ වගේම ඔබට මතක ඇති පහුගිය දවස් වල මහජනතාවගේ අත්‍යවශ්‍යම සේවාවක් වන ජල විදුලි බිලත් 75%ක් වැනි දරාගත නොහැකි තරම් ඉහළ මට්ටමින් වැඩි වූයේ ජනතාව තවත් අසරණ කරමින්. ඊට සමගාමීව වතුර බිලත් ඉහළ ගියේ මෙච්චර ජල මූලාශ්‍ර තිබෙන ලංකාව හෑල්ලුවට ලක්කරමින්. ඒ වගේම ලංකාවේ පීඩිත ජනතාවට පාන් කියාගන්නවත් බැරිව ලතවන මොහොතක හදිසියට කඩේට ගොස් පාන් ගෙඩියක්වත් මිලදී ගැනීමට තරම් ලංකාවේ කාටවත් දැන් වත්කමක් නැති වෙලා. ඒ තරමටම තිරිඟු පිටි මිලත් ඉහළ ගිහින්.

ඉතිං ජනතාවට අත්‍යවශ්‍යම කරන හැමදේකම මිල අහස උසට යද්දි මෙහෙයුම් වියදම් අඩුකර ගැනීමේ ඉදලා අනවශ්‍ය වියදම් කපා දැමීම දක්වා නිසි මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් තුළ මිලදී ගැනීමේ කටයුතු සිදු කරමින් නිසි කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන Litro ගෑස් සමාගම ඇත්තෙන්ම මේ වෙලාවේ අගය කළ යුතුමයි. ලෝක වෙළදපොලේ මිල ගැලපුම් එක්ක මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා ගෑස් මිල තුන් පාරක් අඩුවීම ඇත්තටම ජනතාවට මහත් වූ සහනයක්. මාස තුනක් තුළ Litro ගෑස් මිල වරින් වර පහළ දැමුවේ ජනතාවගේ පැත්තෙන් බලා වැඩ කටයුතු කළ නිසාමයි. ඉතින් කියන්නට ඇත්තේ මෙපමණයි ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන අනෙකුත් ආයතන වලට කොන්ද කෙලින් තීරණ ගන්න පුළුවන් නිලධාරීන් පත් කරලා එම ආයතන දියුණු කරන්නට Litro ගෑස් සමාගම ලබා දුන්නේ මහත් වූ ආදර්ශයක්.