පසුගිය කාලය පුරාවටම රටේම කතා වූ පෝලිම් ගැටළු වලට තිත තියමින් අද වෙද්දී රටටම ඇති වෙන්න තත්ත්ව මාස ගණනක කිසිදු ගැටළුවක් නැති වෙන්න සාර්ථකව සැලසුම් ක්‍රියාත්මක කරමින් මේ වෙද්දී ඉදිරියට ගිහින් තියනවා ලිට්රෝ සමගම. ඉතින් දැන් මේ වෙද්දී සාර්ථක ගමනක් යන ඔවුන්ගෙන් ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් ලබාගැනීම හා විකිණීම යන දෙකොටසටම අයත්වන පරිදි නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මේ පහලින් ඔයාට දකින්න පුළුවන් වෙන්නේ එම නිවේදනයයි.
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් කළමනාකාරිත්වය විසින් අප ගෑස් අලවිකරුවන්, බෙදාහැරීමේ නියෝජිතයන්, පාරිභෝගිකයන් සහ මහජනතාව වෙත මෙම නිවේදනය මගින් දැනුවත් කරනු ලබන්නේ LP ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වන නීති විරෝධී ක්‍රියාකාරකම් සහ වංචනික ක්‍රියා පිළිබඳවයි.
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් හී බෙදාහැරීමේ ජාලයේ කොටසක් නොවන ඇතැම් නිර්නාමික අංශ හෝ අනවසර තුන්වන පාර්ශවයන් විසින් ලිට්රෝ ගෑස් සිලින්ඩර වළ පුරවා ඇති ගෘහස්ථ LPG සමග හුවමාරු කිරීම සඳහා වෙනත් සිලින්ඩර භාර ගනිමින් සිටින බවට අප වෙත තොරතුරු ලැබී ඇත.
අලෙවි කරුවන් සහ බෙදාහරින්නන්
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ එහි බෙදාහැරීමේ ජාලයට ( වෙළෙන්දන්, හවුල්කරුවන් ආදී අවසර ලබාදී ඇති අතර ඒ අනුව ගෘහස්ථ LPG නව සිලින්ඩර සඳහා පාරිභෝගික ඇනවුම් ඉටු කිරීමේදී ලිට්රෝ ගෑස් සිලින්ඩර පමණක් භාර ගැනීමට අවසර ලබා දී ඇත.
සිලින්ඩරයේ පහත සඳහන් වෙලද නාම, සලකුණු වලින් එකක් හෝ සඳහන් වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයට අයත් ඒවා ලෙස පැහැදිලිව හඳුනා ගත හැකි විය යුතුය. ලිට්රෝ ගෑස්, ෂෙල් ගෑස්, කොළඹ ගෑස් හෝ ලංකා ගෑස්
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ජාලයේ කොටස්කරුවෙකු ද වන කිසිදු අලෙවි නියෝජිතයකු ට තරගකාරී වෙළෙඳ නාම වලට අයත් සිලින්ඩර තබාගැනීමට ප්‍රවාහනය කිරීමට හුවමාරු කිරීමට කිසිසේත් අවසර නැත.
පාරිභෝගිකයින් සහ මහජනතාව
අපගේ වෙළෙන්දන් ට, හවුල්කරුවන් ට විකල්ප සලකුණු සහිත සිලින්ඩර භාර ගැනීමට අවසර නොමැති බැවින් කරුණාකර ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත ඉහත සලකුනු කිසිවක් සහිත හිස් සිලින්ඩර පමණක් රැගෙන එන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු.
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් එවැනි වංචනික ක්‍රියා සිදු වීම නැවැත්වීමට කටයුතු කරන අතර එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට සහ ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරනු ඇත.
Add Comment