News

රටටම ගෑස් පෙන්නපු ගෑස් වලට ඉස්සරහට මොකද වෙන්නේ

ගෑස් හිග වීමත් එක්ක මිනිස්සු හිස් ගෑස් තියාගෙන කුසගින්නේ දවස් ගණන් ආහාර වේලක් නැතුව දුක් වින්දා. ඉතින් මේ වන විට ගෑස් අර්බුදය ක්‍රමයෙන් විසදීලා රට යථා තත්වයට පත් වෙලා තියෙන්නේ. 2024 සිංහල අලුත් අවුරුද්ද වෙනකම් ගෑස් හිඟයක් නැවත එන්නෙ නෑ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. එහිදී එතුමා වැඩි දුරටත් අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම 2015 ඉදලා 2020 වෙනකම් ගෑස් සමාගමට නායකත්වය දුන්නෙ මම. මම දැනගෙන හිටියා ගෑස් අර්බුදයකට දෙන්න ඕන විසදුම. අර්බුද විසදීමේ අරමුණින් තමයි මම ලිට්‍රෝ එකට එන්නේ. ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. ඩොලර් හොයාගන්න ඕන. මට ඕන වුණා සුදුසු සැපයුම්කරුවෙක් තෝරගන්න. ඒකට වර්ථමාන ජනාධිපතිවරයා සහයෝගයක් ලබා දුන්නා.

ඊට පස්සේ මිලියන 5ක් විතර ගෑස් නැව් රටට ආනයන කරගන්න එක ලොකු අභියෝගයක්. ඊට පස්සෙ අපිට මේ ටික බෙදා හරින්න අභියෝගයක් වුණා. ඊට පස්සේ කන්ටේනර් වල බෙදා හරින්න සූදානම් කරගත්තා. අභියෝගාත්මකව ඒදේට මුහුණ දීලා ප්‍රශ්නෙ විසදගත්තා. මිනිස්සු ගෑස් පහසු නිසා ඒ වෙනුවට ආදේශක භාවිතා කලේ නෑ.

ගොඩක් ටයිල් ආයතන වගේ කර්මාන්ත ගෑස් වලින් සිදු කරනවා. ඉතින් කොත්තු කඩේ, ආප්ප කඩේ වගේ පොඩි මිනිස්සුන්ගේ ජීවන වෘත්තීයත් සිදු වෙන්නේ මේ ගෑස් හරහා. ඒ නිසා මුලුතැන්ගෙට පමණක් සීමා වුණු අවශ්‍ය දෙයක් නෙමෙයි ලිට්‍රො ගෑස් කියන්නේ. අපේ අනාගත සැලසුම් විදියට දීර්ඝකාලීනව සැපයුම්කරුවෙක් හොයාගෙන ඉන්නවා. ඉතින් ඉතාමත් වගකීමෙන් කියනවා 2024 සිංහල අවුරුද්ද වෙනකම් ගෑස් හිගතාවයක් වෙන්නෙ නෑ.”