News

ගංජා චෝදනාවට නියෝජ්‍ය කතානායක මිලියන 500 ක් වන්දි ඉල්ලයි

තමන් ගංජා වගා කරන බවට පැතිර යන අසත්‍ය පුවත නිසා දැඩි කම්පනයට සහ අපහසුතාවයට පත්ව ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින්.

සමහර මාධ්‍ය වේදින් මුදල් ලබාගෙන මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පලකරන බවත් තමන්ට හා දරුවන්ට නෑදෑයන්ට සිදුවූ අපහාසයට විරුද්ධව රුපියල් මිලියන 500 වන්දියක් ලබා ගැනීමට නීතිමය කටයුතු සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.