News

මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට මරණ තර්ජන

ඡන්දය පැවැත්වීමට පක්ෂව අදහස් දැක්වූවාට එරෙහිව ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කළ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

සජිත් ප්‍රේමදාස මහතාගෙන් පසු අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනා ට එල්ල වූ තර්ජනයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි