News

රාජිතට එරෙහි නඩුවක ෆයිල් එකක් නැති වෙලා

ධීවර අමාත්‍ය වරයාව සිටි සමයේ, මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීම නිසා රජයට පාඩු සිදුකළායැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අභිරහස් ලෙස අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ වෙත දැනුම් දී තිබේ.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා වෙත අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබුණා.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ ,එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ මෙලෙස නඩුවේ වගඋත්තරකරැවන් ලෙස නම් කර තිබෙනවා..