බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වෙසෙන හල්පේ විජිතවංශ නම් සාමනේර සාමනේර හිමිනමට පහර දුන් බව කියන සැකකරුවන් 06 දෙනෙකු (07) දා පස්වරැවෙි අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දැනට බලන්ගොඩ මුලික රෝහල් ප්‍රතිකාර ලබන හිමිනමගෙන් කල විමසීමකදි උන්වහන්සේ මෙසේ පවසා තිබෙනවා.
සාමනේර හිමිවරුන්ට පන්සලේ ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන්ම තාඩන ,පිිඩන, ලිංගික හිංසන කරනවා. මම මේ ගැන පංසලේ දායක සභාවට දැනුම් දුන්නා. ඊට පස්සේ අනිත් සාමනේර හිමිවරු පස්දෙනාත් රැගෙන ලොකු හාමුදුරුවෝ පන්සලෙන් ගියා.මම විතරක් පන්සලේ වැඩ වාසය කරන කලා.ඊයේ රාත්‍රියේ පිරිසක් ඇවිත් මට තර්ජනය කරල පහර දුන්නා. මම ඒ අය හදුනා ගත්තා. එතන මාලිමාවව පක්ෂයේ අපේෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරැවන් පිරිසක් ඉන්නවා’
බලංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා
මාලිමාවේ අපේක්ෂකයෙක් හිමිනමකට පහර දෙයි

Add Comment