පුවත්පත් මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කරනවා.
කෙනෙක්ව හරියට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ආපු වෙලාවට. පසුගියදා මෙරට සිදු වූ බොහෝ සිදුවීම් මට තිගැස්සමක් ඇති කළා. ගෙවල් ගිණි ගනිද්දී මට සංවේදී වුණේ පවුලේ මිනිස්සු ගැන සහ අසරණ සත්තු ගැන.
තිරිසන් තත්වෙකට රට පත්වූ විට දේශපාල කෝණයකින් රට ගැන බලනවට වඩා නායකත්වයක් දෙන්න ඕන තැනක් එතන. එවන් අවස්ථාවක ජනාධිපතිකතා කළාම නායත්වය ගත්තේ නැති එක ප්‍රශ්ණයක්. සජබේ හිතන් ඉන්නේ ඊළඟ ආණ්ඩුව ඔවුන්ට කියලා. එතැනදී කැබිනට් ලැබෙයි කියලා.
සියල්ල සමඟ සජිත් කියන්නේ මම දැකපු කෙනා නෙමෙයි කියලා මම තේරුම් ගත්තා. මම තනියෙන් තීන්දුවක් ගත්තා. මනූෂත් එම තීරණයටම පැමිණියා. ඒවගේම කියන්න ඕන.
සජබේ තව අය ඉන්නවා මේ තීරණේ ගන්න. සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්. එහෙම කෙනෙක්ට නායකයෙක් වෙන්න බැහැ. නායකයෙක් වෙන්න නම් ඔහුගේ වටේ වින්මෑන් ලා සිටීම වැදගත්. නමුත් සජිත් හිතන් ඉන්නේ ඔහු තමයි එකම මෑන් කියලා.
Add Comment