News

මන්ත්‍රී වරප්‍රසාද යෝජනාව ඉහළින් සම්මතයි ! පක්ෂ විපක්ෂ වුණ අය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අද (21) පත්කළ විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව වැඩි ඡන්ද 32 කින් සම්මත විය.

පක්ෂ ව ඡන්ද 75ක් , විපක්ෂ ව ඡන්ද 43 ක් ලැබුණු අතර දමිළ ජාතික සංධානය, දමිළ ජාතික ජනතා පෙරමුණ සහ සී.වී විග්නේෂ්වරන් මහතා ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ සිටියේ නැත. පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සභාව හා උත්තර ලංකා සභාගය විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.