News

එළවළු මිල පහළට.. මිල ගණන් මෙන්න

එළවළු තොග මිල ගණන් සීග්‍රයෙන් පහත ගොස් ඇති බව රට පුරා එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානවල වෙළඳුන් සදහන් කරයි.

එළවළු තොග ලැබීම ඉහළ යාම ,අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම මෙම මිල ගණන් පහත යෑමට හේතු වී තිබේ..

මීට පෙර රුපියල් 400 කට අලෙවි කෙරුණු බෝංචි කිලෝවක මේ වන විට තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබෙන අතර රුපියල් 700 ක්ව තිබූ මාළු මිරිස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 250 දක්වා පහත වැටී ඇති බවත් කැරට් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වාත් ගෝවා කිලෝවක මිල රුපියල් 50 ක් දක්වාද මිල පහත වැටී ඇති බව
වෙළඳුන් සඳහන් කරයි.