News

විරෝධතා කරුවන් ත්‍රරස්තවාදීන් කරන ආණ්ඩුවේ සැලසුම අනුර හළිකරයි

තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතා විසින් සිදුකරන සටන්,ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, වෘත්තීය අරගල ආදිය ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දෙමින් නව මර්දනකාරී පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට මෙම නව මර්දනකාරී පනත ගෙන ඒමට කටයුතු සිදු කිරීමට සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.