හිටපු ජනාධිපති සහ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳව පසුගිය කාලය පුරා දේශපාලන වේදිකාවල උණුසුම් වාද විවාද ඇතිවුණා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් කෙරුණු චෝදනාවක් වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිනිය තවමත් රජයේ නිල නිවාස වල රැඳෙන අතර ඇය නඩත්තු කරන්නේ රජයේ වියදමෙන් බවයි.. මේ පිළිබඳව කතාබහක් කරළියේ ඇති වෙද්දී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසන්නේ තම මෑණියන් තමන්ගේ කිසිදු බලපෑමකින් තොරව ස්වකැමැත්තෙන් ඇය ම ඉදිරිපත් වී එම නිල නිවස නැවත රජයට භාර දීමට සූදානම් බවයි. වැඩි දුරටත් සඳහන් කරන්නේ එම නිල නිවස තම මෑණියන් පරිහරණය නොකරන බවත් ඇය තවමත් රැඳී සිටින්නේ පෞද්ගලික නිවසක බවත්ය..
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය පහළින්
මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ. ඒක ලැබෙන්නන් වාලේ ලැබිතා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප. මම ඇත්තටම කියන්න කැමතියි, මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ. මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්‍රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.”
සජිගේ මවගේ නිල නිවස රජයට බාරදෙන්න සූදානම්

Add Comment