පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන පත්කළ කමිටුව හමුවට සඳුදා (06) කැඳවා තිබේ.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ පිරිස අසල සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ද කමිටුව විසින් කැඳවනු ලැබුවා.
Add Comment