ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් අවහිර වී ඊයේ රාත්‍රියේ මෙම ගස් ඉවත් කළ බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසයි.
කොළඹ නගරයේ පමණක් ගස් 32ක් කඩා වැටී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය.
මේ අතර හපුතලේ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර එම සුන්බුන් රථ වාහන ගමනාගමනය සඳහා ඉවත් කර තිබෙනවා.
මරදාන ප්‍රදේශයේ ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වූ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ද යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
Add Comment