දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන වලස්මුල්ල, බෙලිඅත්ත සහ ඔකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ,මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, උඩුනුවර , යටිනුවර සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අරණායක සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කෑගල්ල වරකාපොළ සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව,පොල්ගහවෙල,රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, කඩවත් සතර. පිටබැද්දර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන,
අතුරලිය,වැලිපිටිය,හක්මන,කිරින්ද පුහුල්වැල්ල,අකුරැස්ස, වැලිපැන්න,දෙවිනුවර,දික්වැල්ල සහ පස්ගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල,පැල්මඩුල්ල, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඉඹුල්පේ, වැලිගෙපොළ, ගොඩකවෙල, ඇලපාත,ඇහැලියගොඩ,
කලවාන,කොලොන්න, බලංගොඩ,ඔ්පනායක,රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
Add Comment