News

නාය යාමේ අවදානමක් නිසා හපුතලේ පවුල් 22ක් ඉවතට

පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ පවුල් තිස් දෙකක් ආරක්ෂිතව ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය.

ග්ලැනෝර් වත්තේ අංක 10 නිවාස පේලියේ සහ අවට තවත් නිවාසවල පදිංචිව සිටි පවුල් 32ක සාමාජිකයින් අසූ නම දෙනෙකු මෙලෙස ඉවත් කර තිබේ.

මෙසේ ඉවත් කළ පවුල් 32ක පුද්ගලයින් ග්ලැනෝර් මහා විදුහලේ තාවකාලික කඳවුරක රඳවා ඇති බවද ප්‍රාදේශීය ලේකම් තුමිය කීවා.