News විදෙස් පුවත්

නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත.

මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ.

ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගත් බව වෙන්දේසිකරු ජීන් පියරේ පවසයි.

නමුත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැත.