ලිංගික ප්‍රජනනය සම්බන්ධයෙන් මෙරට දරුවන්ට ලබා දි ඇති දැනුම ප්‍රමාණවත් නැති බවත් වයසට අනුව එම දැනුම දරුවන්ට ලබා දිය යුතු බව කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දි පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙිමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
2022 වර්ෂයේ සිදු කළ සමීක්ෂණයට අනුව මෙරට ළමා මව්වරුන් 2287ක් සිටින බව ඇය පැවසුවාය.ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම වයසට අනුව ලබා නොදීම නිසා දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය අවම වී ඇති බවත් වයසට අනුව පියවරෙන් පියවර තම ශරීරයේ අයිතිය පිළිබඳව දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ඇය පෙන්වා දුන්නා.
Add Comment