News Political

ලිංගික චෝදනාවට වරදකරු වුණොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මහතා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා පැවසීය.